Wednesday, June 26, 2019

මන්ත්‍රී රෝහිතගේ හොර අරක්කු වල ඇත්ත හෙලිවේ. බලපත්‍ර සහිත මත්පැන් සමඟ මිශ්‍රකොට අලෙවි කර ඇති බවට හෙලිවේ.


මහින්ද පිලේ (පොහොට්ටු පක්ෂයේ) ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකුද වන දමිත් දනංජය නැමැත්තාට අයත් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මහා පරිමාන නීති_විරෝධී මත්පැන්_නිෂ්පාදනාගාරයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සුරබදු දෙපාර්තමේනතුව ඒකාබද්ධව වටලා ඇත.
මෙම ගොඩනැගිල්ල හිමි දමිත් දනංජය නැමැත්තා පොහොට්ටු පක්ෂයේ ඉහල පෙළේ ක්‍රියාකාරිකයෙකු මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ ළඟම ආධාර කරුවෙකි. ඒ අනුව පොලිසිය සක කරන්නේ මෙම නිෂ්පාධනාගාරය මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධනගේ අවශ්‍යතාව මත ඔහුගේ ගෝලයා විසින් පවත්වාගෙන ගොස් ඇති බවයි.
අති විශාල ධාරිතාවයකින් නිෂ්පාධනය කරන මෙම මත්පැන් බාලපත්‍ර සහිත මත්පැන් සමඟ මිශ්‍රකොට අලෙවි කිරීම මෙම ජාවාරම්කරුවන්ගේ_අරමුණ බවද පොලීසිය මේ වනවිට අනාවරණය කොටගෙන ඇති අතර එහි දර්ශනවලට අනුව මෙම ස්ථානයේ මහා පරිමානයෙන් මෙලෙස මත්පැන්_ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වේ.
මෙම නීති වීරෝධී මත්පැන්_නිෂ්පාදනාගාරය කලකපටන් පවත්වාගෙන ගොස් ඇති අතර_සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව පසුගිය 24 පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ඇතිව මෙම වැටලීම සිදුකර තිබේ. පසුගිය රාජපක්ෂ ආණ්ඩු කාලයේ මෙහි නිෂ්පාදන හා බෙදා හැරිම යහමින් සිදුවී ඇති බවද අදාල දේශපාලකයින්ගේ මෙම පොදුජන පෙරමුන්නේ දේශපාලන රැලි සඳහා අවශ්‍ය මත්පැන්_සැපයීමද මෙයින් සිදු කොට ඇතිබව එහි සේවකයින් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කර ඇත.
සුරාබදු_දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වනවිටත් එම ස්ථානයේ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව වාර්තාවේ.

Monday, June 24, 2019

රජය සමඟ ව්‍යාපාර කරන මහජන නියෝජිතයන්ට වැඩ වරදියි – මන්ත්‍රීධුරවලින් නෙරපීමේ අධිකරණ ක්‍රියාමාර්ගයක්





පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කිරීම මන්ත්‍රිධුර අහිමි වීමේ වරදක්ව තිබියදී වත්මන් පාර්ලිමේන්තුවේ සිටින එවැනි මන්ත්‍රීවරුන් පිළිබඳ ඉක්මන් විගණනයක් සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ක්‍රියා කරන බව, පුනරුදය ව්‍යාපාරය වෙනුවෙන් වික්ටර් අයිවන් මහතා කතානායකවරයා සහ විගණකාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
මහජන මන්ත්‍රීවරුන්ට නීතියට පටහැනිව රජය සමඟ ව්‍යාපාර කරන්නට ඉඩහැර තිබීම, පාර්ලිමේන්තුව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන වරදක් බව පෙන්වා දෙන ඔහු එම වරද පළමුවෙන්ම රටට පෙන්වා දීමේ ගෞරවය අධිකරණයට හිමිවන බවද ප්‍රකාශ කරයි. අධිකරණයේ එම ජනහිතකාමි ව්‍යවස්ථාමය ස්ථාවරය යළි අධිකරණයට පෙන්වා දී, නීතියට පටහැනිව රජය සමඟ ව්‍යාපාර කරන මහජන නියෝජිතයන් ගැන ඉක්මන් විගණනයක් සඳහා වන නියෝගයක් අධිකරණයෙන් ලබාගැනීම තුළින් එම මන්ත්‍රීවරුන් ධුරවලින් ඉවත් කිරීම සහ ඉදිරි ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතියද ඔවුන්ට අහිමි කිරීමට අපේක්ෂා කරන බව වික්ටර් අයිවන් මහතා පවසයි.
ඔහු මේ සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරියට යොමු කළ පළමු ලිපියට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා කියා සිටින්නේ, ඒ පිළිබඳ නෛතික පියවර ගැනීමට හැකියාව ඇත්තේඅල්ලස් හෝදූෂණවිමර්ශන කොමිෂන් සභාව හා නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනයන්ට බවය. නීතිමය පියවර ගැනීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොපමණ පිරිසක් එම වරද කරන්නේද යන්න සොයා බැලීමේ වගකීමක් කතානායකවරයාට තිබෙන බව, ඊට පිළිතුරු ලිපියක් යොමු කරමින් අයිවන් මහතා සඳහන් කරන අතර ඒ සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග දෙකක්ද යෝජනා කර තිබේ.

Wednesday, February 6, 2019

ඔබේ ළබැදිය

සිහින අතුරා යනෙන මග දිග
මතක අහුරා සැගව ඉන්නම්

අමාවක රැය  නොවූ  පුරහද
තරු පොකුර වී එළිය දෙන්නම්

සිතම සනසන විහග ගීතය
පරදවා පෙම් කවය  වෙන්නම්

නොමැති වූවද මිණි කිකිණි රුව
දයාබර පෙම්වතිය වෙන්නම්

ඉකිබිදින ප්‍රේමය

සිතුම්  පොදි බැද මැවූ නිකැළැල්
පාට තැවරූ කදුළු කැටයක

දැවෙන ගින්දර සුසුම් අභියස
කීරි ගැහෙනා හද විලාපය

තුෂර පිණි කැට සුණු විසුණු කළ
දෙනෙත් මවනා මිලින හීනය

නෙතු  කොනක දගලමින් ඉතිරිව
කදුළ නුඹ ඉකිබිදින පේමය

Monday, November 12, 2018

සංස්කෘතිය සමඟ සබැඳුණු ජනප්‍රිය සංස්කෘතිය

ජනප්‍රිය සංස්කෘතිය හඳුනා ගත හැක්කේ සංස්කෘතිය යන්න අවබෝධ කර ගැනීමෙනි. එනම් සංස්කෘතිය කුමක්ද යන්න හඳුනාගැනීමේ දි ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. සංස්කෘතිය යන්න එක් නිශ්චිත සීමාවක ලා විග්‍රහ කළ නොහැකිය. විවිධ විචාරකයෝ විවිධ නිර්වචන ඔස්සේ එකී විෂය විග්‍රහ කරති. 
සංස්කෘතිය යන විෂය පිළිබඳ ඇති පෞරාණික නිර්වචනය 1871 දී ඉදිරිපත් කළේ ඊ. බී. ටයිලර් නැමැති සමාජ මානව විද්‍යාඥයාය. ඔහු දක්වන පරිදි සංස්කෘතිය හෝ සභ්‍යත්වය යනු, දැනුම, ඇදහිලි, කලා නීත,ි සදාචාර, සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබා ගත්තා වූ පුරුදු, පුහුණු හා හැකියාවන් අඩංගු සංකීර්ණ සමස්තයයි. 

මේ නිර්වචනය තුළ පුද්ගලයාගේ සමස්ත හැසිරීම් රටාවම සංස්කෘතිය වශයෙන් හඳුනා ගත හැකිය. සමහරු සංස්කෘතිය යන්න ගුණ වගාව නමින්ද, ආගම සාහිත්‍යය ඉගැන්වීමෙන් හා සාහිත්‍යය කලාස්වාදයෙන් ලැබෙන චිත්ත විසුද්ධිය නමින්ද හඳුන්වති. මානව විද්‍යාව පිළිගන්නේ මිනිසා සමාජයක් හැටියට සංවිධානය වීමත්  සමඟ සංස්කෘතිය යැයි හඳුනාගත හැකි ධර්මතාවයක් හා ක්‍රියා පද්ධතියක් පහළ වූවා යන්නයි.  ජනතාව සතු කර්මාන්ත, ඊට වහල් කරගන්නා උපකරණ, යාන වාහන, කෑම බීම, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත්, සංගීතය, කලාව, ආගම, භාෂාව, නීති රීතී යනාදියත් සංස්කෘතික විෂය ක්ෂේත්‍රයට ඇතුළත් වන බවයි. 

මහාචාර්ය රැල්ප් ලින්ටන් නැමැති විද්‍යාඥයා සඳහන් කරන ආකාරයට සංස්කෘතිය යන්නෙන් අදහස් කරන්නේ කිසියම් සමාජයකට විශේෂිත වූත්, එහි ලක්ෂණ හැටියට සැලකිය හැක්කා වූත්, දැන උගත් ප්‍රතිචාරයන්හි සංවිධානාත්මක එකතුවයි. කෙසේ වුවද සංස්කෘතිය පිළිබඳව හැදෑරීමේ දී ඒ තුළ පොදු සංස්කෘතීන් උප සංස්කෘතීන් දැක ගත හැකිය. පොදුවේ විග්‍රහයේ පහසුව තකා සංස්කෘතිය යන්න සමාජයේ සාමාජිකයා විසින් පරිහරණය කරන, ඔහුගේ ජීවිතයේ සෑම අංගයක් හා අන්‍යොන්‍ය ලෙස සබැදුණු මෙන්ම සමාජයෙන් සමාජයටත්, දේශයෙන් දේශයටත් වෙනස් වන්නා වූ තත්වයක් ලෙස  ගිණිය හැකිය. අංග රැසක එකතුවකින් සුසංයෝගීව වැඩුණු සමස්තයක් ලෙස තේරුම් ගත හැකිය. සංස්කෘතිය විග්‍රහයට පසුකාලීනව විවිධ සංකල්ප බිහි විය. එනම් අංගයක් හෝ අංග කිහිපයක් පිළිබඳ මූලික එළඹුම් හේතු කොට සංකල්ප බිහිවිය. 


  • සංස්කෘතික විශ්ලේෂණය 
  • සංස්කෘතික අංග සංකීර්ණය 
  • සංස්කෘතික ප්‍රභේද  

වශයෙන් එන්නේ එම සංකල්පයන්ය. ඇතැම් සංස්කෘතිකාංග පරපුරෙන් පරපුරට වෙනස් වේ. මේ වෙනස් වීම් මූලික කරුණු දෙකක් මත සිදු වෙන බව සමාජ විද්‍යාඥයෝ පවසති.

  • සාමාජිකයෙකු තුළ අලුත් අදහසක් පහළ වීම හෝ අලුත් අදහසක් නිපදවීම නැතහොත් නවීකරණ කාර්යය. 

  • කිසියම් සමාජයක සමාජිකයෙකු විසින් වෙනත් සමාජයකින් අලුත් අදහසක් හෝ නිමවුමක් හෝ ණයට ගැනීම. 


ඉහතින් සඳහන් කරුණු සලකා බලන විට එහි සැබෑව අපට හඳුනා ගත හැකිය. 

  • සංස්කෘතික ව්‍යාප්තිය 


සංස්කෘතිය නිරන්තරයෙන්ම වෙනස් වන්නේ පවතින ජීවන අවශ්‍යතා අනුවයි. එම වෙනස් ස්වභාවය මත නව පොදුජන සංස්කෘතිය බිහිවන බව සැබෑවකි. සමාජ සංස්කෘතික තත්වයන් නවීකරණය වීම තුළ නව සමාජ සංස්ථා බිහි වේ. මානව සමාජයේ අවශ්‍යතා සම්පූර්ණ වූ පමණින් සමාජය තෘප්තිමත් නොවන බවත් සමාජයේ එක එක අවධි වල සංස්කෘතික තත්වයන් අසමාන බවත් රැල්ප් ලින්ටන් දක්වයි. 

ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ විමසා බැලීමේ දී සංස්කෘතික විසරණය හෙවත් සංස්කෘතික ව්‍යාප්තිය කෙසේ සිදු වන්නේද යන්න හැදෑරිය යුතුය. ජනප්‍රිය සංස්කෘතික අංග බිහිවීමෙහි ලා සංස්කෘතික ව්‍යාප්තිය බලපා තිබීම ඊට හේතුවයි. 

සංස්කෘතික ව්‍යාප්තිය ලෙස හැඳින්වෙන්නේ එක් සංස්කෘතියක සංස්කෘතික මූලධර්මයන් තවත් සංස්කෘතියකට බලපානු ලබන ක්‍රියාදාමයයි. ලෝකයේ සෑම සමාජයකම සංස්කෘතිය වෙනත් සංස්කෘතික අංගයන්ගේ බලපෑමෙන් ගොඩ නැගී ඇත. මානව ශිෂ්ටාචාරයේ වර්ධනය දෙස බලන විට ඒ ඒ ශිෂ්ටාචාර විවිධ අංගයන් අන්‍යොන්‍ය වශයෙන් හුවමාරු කරගෙන තිබේ. තාක්ෂණික හුවමාරු, සාහිත්‍යය කලා ශිල්ප හුවමාරු අධ්‍යනයෙන් මෙය පැහැදිලි කර ගත හැකිය. උදාහරණයක් ලෙස මානව ශිෂ්ාටාරයේ තාක්ෂණික දැනුම විවිධ සමාජ අතර හුවමාරුව දැක්විය හැකිය. මුද්‍රණ කර්මාන්තය චීනය, රෝමය, ජර්මනිය ආදී රටවල ශිල්පීය සංයෝගයෙන් බිහි වූවකි. මෙලෙස සිදුවූ සංස්කෘතික හුවමාරුව නිසා ඇතැම් සංස්කෘතික ආභාෂයන් විනෝදාස්වාදන මාධ්‍යයන් අතරට ද එක් විය. විශ්වාසයන්, අභිචාර, අත්භූත චරිත ආදිය සංස්කෘතියට එකතු වීමෙන් ඒ වටාද සංස්කෘතියන් ගොඩනැගේ. 

සංස්කෘතික ව්‍යාප්තියේ බලපෑමෙන් ඇතැම් විට සම්මත සංස්කෘතියට විකල්ප සංස්කෘතියක් ද ගොඩ නැගේ. සාහිත්‍යය, කලා ශිල්ප, නිර්මාණ කුසලතා ඊට බලපාන්නේය. ජනප්‍රිය සංස්කෘතිය යන්නෙන් අසම්මත ස්වරූපයෙන් සංස්කෘතියක් බිහිවන්නේද සංස්කෘතික විසරණයේ ඵලයක් හැටියටය. සන්නිවේදන තාක්ෂණයේ වර්ධනයත් සමඟ සංස්කෘතික ව්‍යාප්තිය යන්න විවිධ තේමාවන් ඔස්සේ වේගවත්ව සිදු වන්නට විය. මෙකී සංස්කෘතික විසරණය සිදු වන්නේ වෙනත් සංස්කෘතියකින් නව සංස්කෘතියට පැමිණ බද්ධ වන  කණ්ඩායම් තුළින්ය මෙසේ භූගෝලීය වශයෙන් වෙනත් සංස්කෘතියක් හා ගැටීමෙන් සංස්කෘතිය වෙනස් වන බව පෙනී යයි. 
  • ජන මාධ්‍යයේ නැගීම හා මාධ්‍යය සංස්කකෘතිය 


සන්නිවේදන තාක්ෂණයේ වර්ධනය නිසා සාහිත්‍යය, ජන කලාව, ජන සංස්කෘතික අංග නවීකරණය විය. නවීන ජනමාධ්‍යය බිහි වීමත් සමඟ සාම්ප්‍රදායික නිර්මාණයන්ට නවාංග  එකතු විය. සංස්කෘතිය විශාල වශයෙන් වෙනස් වන්නේ කාර්මික විප්ලවයෙන් පසුවයි. 

ප්‍රාථමික ක්‍රමෝපායන් අභිබවා මුද්‍රණ ශිල්පය දියුණු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක ශාක්ෂරතාවය වර්ධනය වී සාහිත්‍යය පොත පත ව්‍යාප්ත වුණි. සාක්ෂරතාවය දියුණුවත්ම පැරණී සංස්කෘතික අංග පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරන්නට සාහිත්‍යය සමාජ විචාරකයෝ පෙළඹුණහ.

ජන සංස්කෘතියට අනුව බිහිවූ නිර්මාණාංග ජන මාධ්‍යය මඟින් ඉස්මතු කොට විසුරුවා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනප්‍රිය සංගීත සම්ප්‍රදායක් බිහි විය. එහිදී සිදු වූයේ සාම්ප්‍රදායික නාද රටා නව තාක්ෂණික සංයෝගයෙන් ප්‍රති නිර්මාණය වීමයි. ඉලෙක්ට්‍රොනික් සංගීතයෙන් නිර්මාණය වූ මෙම නව නාද රටාවන් ජනප්‍රිය සංගීතය ලෙසට වර්ධනය විය. විශේෂයෙන්ම 1950 දශකයේ අග භාගයේ දී පමණ මෙම යෙදුම භාවිතව ඇති බව පෙනේ. 

රූපවාහිනිය ගුවන් විදුලිය සිනමාව වැනි බහුජන මාධය ව්‍යාප්තිය සමඟ සංස්කෘතික හා භූගෝලිය සීමාවන් ඉක්මවා ජනප්‍රිය සංගීතය ව්‍යාප්ත විය. සංගීතය පමණක් මාධ්‍යය මඟින් විසුරුවා නොහැරුණි. සංගීතය සමග දෘශ්‍යය නිර්මාණයන්ද ජනප්‍රිය සංගීතයට එකතු විය. ජන මාධ්‍යය මඟින් ඇතිවූ මෙම ප්‍රවණතාවය නිසා ජනප්‍රිය සංගීත කණ්ඩායම්, ගායන, වාදන, හා රංගන ක්ෂේත්‍රවල ගායන වාදන, රංගන තාරකාවෝ බිහිවූහ. මාධ්‍යයය හා නව ආරක නිර්මාණකරුවන්ගේ සංකලනයෙන් ජනප්‍රියත්වය තේමා කරගත් මාධ්‍යය සංස්කෘතියක් බිහිවිය. 

සම්මත නිර්මාණ ක්‍රමවේදයන් ඉක්මවා නව නිර්මාණ, නව තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ විකාශය විය.එය කෙටි කතාව, නව කතාව, නාට්‍යය, ගීතය මෙන්ම දෘශ්‍ය මාධ්‍යයද නව මුහුණුවරකට පරිවර්තනය වන්නට හේතු විය. මේ පසුබිම සම්මත නිර්මාණ ශිල්පියා අසම්මත ආකාරයකට සිය නිර්මාණ බිහිකරන ශිල්පීන් බවට පත් වීමට හේතු විය. ජනමාධ්‍යය ලොවම ආවරණය කළ විට තත්කාලයේ තිබූ සංස්කෘතියට ජනප්‍රිය අංගයන් එකතු වීමෙන් නව සංස්කෘතියක්ද බිහිවිය. ජනප්‍රිය සංස්කෘතිය ලෙස හඳුනා ගත හැක්කේ සංස්කෘතික ව්‍යාප්තියේ ප්‍රතිඵල ලෙස බිහිවූ නව ආරක් ගත් ජන සංස්කෘතික අංගයන්මය. 

සංස්කෘතිය වෙනස් වීම ජනමාධ්‍යය මගින් සිදුවන විට ඊට උචිත ජනමාධ්‍යය සංස්කෘතියක් ද බිහිවිය. ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව වැනි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය බොහෝ වූ ග්‍රාහක පිරිසක් මාධ්‍යය තුළ රඳවා ගැනීමට ජනප්‍රිය අංග යොදා ගැණිනි. මුද්‍රිත මාධ්‍යය කෙරෙහිද මෙය බලපෑවේය. ඒ නිසා චිත්‍රය, මෝස්තරය, සගරා වාර ප්‍රකාශන හා වෙනත් සන්නිවේදන මාධ්‍යයන්ටද ජනප්‍රිය සංස්කාතික අංග එකතු විය. එය පසුකාලීනව ජනප්‍රිය මාධ්‍යය සංස්කෘතියක් වර්ධනය වීම කෙරෙහි බලපෑවේය.

සංස්කෘතික විකාශනය තුළ සංස්කෘතීන් කිහිපයක් අපට දැක ගත හැකි වේ. එනම්, 
  • සන්නිවේදන සංස්කෘතිය 
  • ජන සංස්කෘතිය 

මාධ්‍යය සංස්කෘතිය 
ජනප්‍රිය සංස්කෘතිය 
වෙළඳ සංස්කෘතිය 

යනාදියයි. 
























Monday, July 30, 2018

වයන්න වීණා කන්‍යාවී

මිනිසා 
මරණ තුනක් ඇති මිනිසා  
බලා සිටි  

නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී  
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී  
පයෝදර තුඩු ඉකිබිඳිද්දී  
සංත්‍රාසයෙන්  

අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් 
 වයන්න වීණා කන්‍යාවී   

නියගලා  මල් පාට දේදුණු  
දෙබෑ කර එන ගිරා පොව්වන්  
පියුම් කැකුළක් තුඩින් පාරා 
 බලෙන් පුබුදන හංසයා 

බලන්න නිරුවත් දෑසින්  
ඔකඳ වී රිද්මයෙන්  
රසාතලය කළ එලි ගන්වා  
වයන්න වීණා කන්‍යාවී 

1989 වසරේ සරසවි හා ස්වර්ණසංඛ සම්මාන දිනූ කන්‍යාවී ගීතය සිරිමැදුර චිත්‍රපටයේ අන්තර්ගත වූවකි. සාම්ප්‍රදායික සිනමා  කලාව අතික්‍රමණය කළ මෙය චිත්‍රපටයේ අදාළ අනුභූතිය පුළුල් ලෙස චිත්‍රණය කරන්නක් විය. මෙම ගීතයේ පද රචකයා වන්නේ ලූෂන් බුලත්සිංහලයන්ය. වේදිකාවෙන් සිය ගීත රචනා කලාව අරඹන මෙතුමා ටෙලිනාට්‍ය, චිත්‍රපටිය හරහා ඔපෙරාව වෙත ගමන් කිරීමට තරම් පැතිරී ගිය රචනා කෞෂල්‍යක් පළ කළේය. මෙම හැම මාධ්‍යකදීම බුලත්සිංහලයන් උත්සහ කොට ඇත්තේ සුපුරුදු වට්ටෝරු ගීත රටාවෙන් වෙනස්ව අලුත්ම භාෂා වියමනක් හරහා විදග්ධව සිය අනුභූතිය නිර්මාණය කිරීමටය. සිරිමැදුර චිත්‍රපටයේ තේමා ගීතය වූ කන්‍යාවී ගීතය සිංහල චිත්‍රපට ගීතයේ කඩඉමක් ලෙස අර්ථනිරූපණය කරන්නේ ඒ නිසාවෙනි  පූර්වෝක්ත ගීතය බිහි වූ ආකාරය දෙස අවධානය යොමු කිරීමේදී චීත්‍රපට තිර නාටකයේ කේන්ද්‍රීය පිරිමි චරිතය මාරාන්තික අනතුරකින් කශේරුක ආබාධිතයෙක් බවට පත් වී කතා කිරීමේ හැකියාව නැති වූ මිනිසෙකි. නමුදු මොහු සංගීතඥයෙකි. මොහුගේ භාෂාව වන්නේ සංගීතයයි. සහෝදරයාගේ බිරිඳ සමඟ ආත්මිය සංවාදයකට එළඹෙන්නේ ඇයට පියානෝව වාදනය කිරීමට ඇති හැකියාව ඔස්සේය. මෙතෙක් කල් ඔහුගේ ශාරීරික අවශ්‍යතාවයන් ඉටු කර දුන්නේ සිරිමැදුරේ සිටි නූගත් ග්‍රාම්‍ය මෙහෙකාරීයයි. නොසියුම් ඇගේ ජීවිත දහරාව ඔස්සේ ඇයට නොතේරෙන සංගිතය ඇගේ අයිතිවාසිකම් වලට අභියෝග කරන්නටත් සූදානම් වෙයි. මේ තුන්කොන් ලිංගික අරගලය ඔසවා තබන තැනකයි මෙම චීත්‍රපට ගීතය අන්තර්ගත වන්නේ.                 

මිනිසා                 
මරණ තුනක් ඇති මිනිසා                 
බලා සිටී          

සාහිත්‍ය ඔස්සේ සංගීතය පිළිබඳ චින්තනය අවධි කිරීමේදී අපට මැවී පෙනෙන්නේ සරස්වතියයි. ඕනෑම කලා කෘතියක් හෝ චීත්‍රපට නිර්මාණයක් සරස්වතී වර්ණනාවෙන් හෝ ගීතයකින් ආරම්භ වීම යථෝක්ත මූලධර්මයක් වේ. ඒත් සමඟම මෙම චිත්‍රපට ගීතයේ එන තුන්කොන් ලිංගික ආලය රචකයා වෙත පැරණි ජන කවියක් සිහියට නංවයි .   
වනේ ගිජිඳාය දුටුවොත් වනසාය                   
ලිඳේ පනිදාය වැටුනොත් ඌ කාය                  
අතකින් කරවැලකි අතකින් දඬුබෑය                  
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය  

උක්ත කවිය ඇසුරු කරගෙන රචකයා ගීතයේ පදවැල් නිර්මාණයට පිවිසෙයි . මරණ තුනක් ඇති මිනිසෙක් යනුවෙන් ඔහු අර්ථ දක්වන්නේ චිත්‍රපයේ කේන්ද්‍රීය පිරිමි චරිතය වටා එතී ඇති තත්වානුරූපී අවස්ථාවන් තුනකි. තමන්ගේම ජීවිතය පිළිබඳ තිබෙන අනාරක්ෂිත භාවය, මෙහෙකාරිය හා සහෝදරයාගේ බිරිඳයි. කථානායකයාගේ මරණ තුන පිළීබඳව රචකයා දක්වන්නේ එලෙසිනි. කාම ලෝකයේ මිනිසාගේ හැසිරීම් රටාව මේ ඔස්සේ සංකේතවත් කරයි.රචකයා ව්‍යංගයෙන් පවසන්නේ අධ්‍යතන යුගයේ පවා මිනිසාට මරණ තුනක් පවතින බවයි. සිය ජීවිත තුළට කිඳා බසින කෙදිනකවත් මකා දැමිය නොහැකි ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික සංඝටනයන් මත හටගන්නා ගැටලුකාරී අවස්ථාවන් හෙවත් දුක් කම්කටොලු ලෙස මේ මරණ නූතනයේ විවිධාකාර ස්වරූප ගනී.                   

නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී                   
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී                   
පයෝදර තුඩු ඉකිබිඳිද්දී 
සංත්‍රාසයෙන්                  
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්                   
වයන්න වීණා කන්‍යාවී  මේ 

ගීතයේ අන්තර්ගත වන්නා  වු සංකල්ප රූප සාමාන්‍ය චිත්‍රපට ගීතයකට වඩා බෙහෙවින් ගැඹුරු බව පෙනේ. රසිකයාට එක් වරම ග්‍රහණය කරගත නොහැකි තලයක ගීතය පවති. එහෙත් චිත්‍රපටයේ සමස්ථාර්ථය හා බද්ධව සලකා බැලීමේදී  එය අපූරු ගීත හා සංගීතමය ප්‍රකාශනයක් ලෙස අවබෝධ කරගත හැක. රචකයා රූපකාර්ථ ඹස්සේ මහඟු භාව ප්‍රකාශනයක් හෙවත් රූප රචනයක් ගෙනහැර දක්වයි. අනියම් කාම ලෝකයේ මෙවුන්දමින් නැතිනම් රති සම්භෝගයෙන් මුසපත් වු දෙහදක් සංවාදයෙන් තොරයි. ඔවුන් අසංවාදීව සුසුම් වල වේගයෙන් පමණි සංවාද කරන්නේ. සැකය නැමැති ලිහිල් සළුව මුහුණ පාන්නා වු ඛේදවාචකය පිළිබඳ මොවුන්ට ඉමක් කොනක් නොපෙනේ. පයෝදර තුඩු ඉකිබිඳ්ද්දී යනු කාමලෝකයේ අතිශය කාමාශක්ත බව නිරූපණය කරන්නා වු රූපකාර්ථයකි. වෙන් වෙන් වු පරිසරයන් තුළ භාවිතා වන වචන කාව්‍යාත්මක ලෙස එක් තැනකට එක් කිරීම මත රූපකාර්ථ ගොඩනැගේ. මෙම ගීතය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ ප්‍රකරණ වක්‍රතාවයයි. එනම් පැරණි මූලාශ්‍රයේ ඡායා මාත්‍රයක් තමන් තුළ රඳවා ගෙන වර්තමානයට හා චිත්‍රපටයේ කථා තේමාවට ගැළපෙන ලෙස අලුත් ආරයකට ප්‍රතිනිර්මාණය කිරීමයි. කාලිදාසයන් අභිඥාන සාකුන්තලය රචනා කිරීමේදී පැරණි මූලාශ්‍ර වු පර්ණපුරාණය, සාකුන්තලෝපාක්‍යානය හෝ මහා භාරතය ඒ ආකාරයෙන්ම භාවිතයට යොදා ගත්තේ නැත. ලූෂන් බුලත්සිංහලයන් නූතන ගීතයේ රූප රචකයා ලෙස හැඳින්වීම අරුමයක් නොවන බව ගම්‍ය වන්නේ ඒ නිසාවෙනි. වීණාවක් වැයීම යනු අතිශය ශාන්තව කළ යුත්තකි. නමුත් සාහිත්‍යයේදී වියරුවෙන් මුසපත්ව වීණාවක් වැයීමෙන් ලිංගිකත්වය කාම රසය උද්දීපනය වේ. ලිංගිකත්ය යනු වෙනමම ශික්ෂණයක් ලෙස අර්ථකතනය කළ හැක. වාත්සායන පඬිවරයා කාම ශ්‍රාස්ත්‍රයට අදාළව ලියූ අනංගරාග ග්‍රන්ථයේ සමස්ථාර්තය තුළද ගැබ් වී ඇත්තේ ලිංගිකත්වය හා රතිසම්භෝගය තුළද සංයමයක් පවතින බවය. නමුදු මෙම ගීතය තුළින් ව්‍යංග්‍යාර්ථවත් වන්නේ අධ්‍යතන සමාජයේ අනියම් සබඳතා මත ගොඩනැගෙන්නා වු ජීවිත කතාව නිරන්තර සංත්‍රාසයෙන් යුක්ත වන බවයි. සංයමයක් රටාවක් නොමැතිව රස කාමයෙන් මුලා වූ මිනිසා තම කායිකෝත්තේජනයන් සොයා යන්නේ සියළුම සදාචාරාත්මක ශික්ෂණයන් බිඳ දමාගෙනය. මෙම ගීතයේ වාච්‍යාර්ථය පමණක් නොව චිත්‍රපටයේ සමස්ත අනුභූතිය හා ඓන්ද්‍රීය ලෙස බද්ධව එහි ඇතුලු ගැබ පලාගෙන මතු වු සියුම් ආත්මීය ආවිෂ්කරණයක් මේ ගීතයේ ගැබ් වේ. රචකයා බොහෝ සංකීර්ණ රූපකාර්ථ, සංකේත හා ව්‍යංග්‍යාර්ථවත් පද මාලා ඔස්සේ සහෘද හදවත් තූළ චිත්තරූප මැවීමට ගෙන ඇති වෑයම ඉතාමත් ආනන්දනීයයි.  

නියඟලා මල් පාට දේදුනු                                        
දෙබෑ කර එන ගිරා පොව්වන්                                       
පියුම් කැකුළක් තුඩින් පාරා                                        
බලෙන් පුබුදන හංසයා හංසයා                                        
බලන්න නිරුවත් දෑසින්                                       
ඔකඳ වී රිද්මයෙන්                                        
රසාතලය කළ එළි ගන්වා                                       
වයන්න වීණා කන්‍යාවී  

කාන්තාවකගේ ශරීර අවයව කොටස් වශයෙන් සැලකූ විට අපට සුන්දරත්වයක් පෙනෙන්නේ නැත. සමස්තයක් ලෙස කාන්තා රූපය, ස්ත්‍රී ලාලිත්‍ය ආකර්ෂණීය බව අමුතුවෙන් කිව යුතු නැත. ගීතයද එසේමය වෙන් වෙන් වශයෙන් විශ්ලේෂණය කිරීමකට වඩා එහි සමස්ථාර්තය තුළ හැඟවෙන්නේ පුළුල් සන්නිවේදනයකි. නියගලා මල්, ගිරා පොව්වන්, පියුම් කැකුළක්, හංසයා යන පද මාලා ලිංගික ආකර්ෂණයක් ඇති කරන්නා වු රූපක වේ.  රසාතලය යනු කවි සමයේ නා ලොව හෝ පාතාලය යැයි කියැවේ. එනම් රස පොළොව හෙවත් පොළොවේ යටි තලයයි. රස කාම ලෝකයේ ජීවී පැවැත්ම රඳා පවතින්නේ රස පොළොව ආරක්ෂා වු තරමටයි. එය නිසරු වු කල ජීවී පැවැත්මක් නැත්තේය. “මී තෙල් මැ වැගිර වටැ පැතිර රසා තලයට බට පරිදිදෙනි” යැයි සද්ධර්මාලංකාරයේ තෙභාතික වස්තුවේ සඳහන් වේ.  රාහුල හිමියන්ගේ පරෙවි සන්දේශයේ පද්‍ය අවස්ථාවක් වන “රත්සර කැකුළකට තුඩු දී හසෙක් මොල” යන මූලාශ්‍රයද මේ ගීතයේ පද නිර්මාණය සඳහා ඇසුරු කරගෙන ඇති ආකාරයක් දක්නට ලැබේ. එනම් උක්ත කරුණු අනුව ගීතයේ භාව සෞන්දර්යට වඩාත් සමීප වීමට නම් ධ්වනිථාර්ත, වෘතාන්තමය හා ජීවන පරිසරය පිළිබඳ කරුණු ද අප දැන සිටිය යුතුය.  මෙම ගීතයේද ඇත්තේ කිසියම් සංකීර්ණ බවක.ි රචකයා තෝරාගන්නා උපමා රූපක ගැඹුරුය. ගීතයේ ආකෘතික විලාසය අමුතුය. එනම් ලූෂන් බුලත්සිංහලයන් සතු රැඩිකල් මනස කදිමට හෙළිදරව් වේ. සමභාව්‍ය සාහිත්‍යය සේවනය කිරීමෙන් ලත් නිර්මාණාත්මක ශික්ෂණය සහ අභ්‍යාසද එහිදී රචකයාට බලපා ඇති බව පෙනේ. මෙම ගීතයේ පද රචනය ලූෂන් බුලත්සිංහලයන්ගෙනි. ගායනය කරනු ලබන්නේ අමරසිරි පීරීස් මහතා විසිනි. සංගීතවත් කළේ කේමසිරි ප්‍රේමදාස සංගීතවේදියාය.ඒ අනුව සංගීතය, ගායනය, තනු නිර්මාණය මත උපරිම සාර්ථකත්වයට පත් වූ නිර්මාණයකි. යම් කිසි නිර්මාණයක් සහෘදයන් අතර දිගු කලක් රඳා පවතින්නේ එහි නිර්මාණශීලී ගුණාංග වල සුලභ බව නිසාවෙනි. කන්‍යාවී ගීතය අද්‍යතන යුගයේ පවා රසික හදවත් තුළ රැඳී ඇත්තේ එහි සාර්ථකත්වය මත බව මැනවින් ගම්‍ය වේ. 

Wednesday, July 11, 2018

මාධ්‍ය මර්ධනය



මාධය මර්ධනය යනු බොහෝ රටවලින් ඇසෙන හුරුපුරුදු වචනයකි. තම වෘත්තිය ආරම්භ කළ දින සිට එය හොඳින් මතකේ තබාගත යුතු වචනයක් වන්නේ බොහෝ විට මාධ්‍ය ජීවිතය තුළ එවන්සිද්ධින් වලට මුහුණ  දීමට සිදු වන නිසාය. ආණඩු විරෝධී, මත්කුඩු  හා ජාවාරම් විරෝධී මාධ්‍යවේදීන්බොහෝ විට එය අත් විඳින්නට සිදුවෙයි. බිය වැද්දවීම්, මරණ තර්ජන, පැහැර ගැනීම් වැනි සිදධීන්  නිතරම  අපට ලොව පුරා සුලබව අසන්නට ලැබෙයි. පහුගිය කාල වකවානුවේ එවන් සිද්ධීන් ශ්‍රී  ලංකාව තුළ වාර්තා විය.කෙටියෙන්ම කිවහොත්පසුගිය  කාලයේ මාධ්‍ය මර්ධනය සුදුවෑන් සංස්කෘතිය ලෙසද හැඳින්විය  හැකිය. ඒ බොහෝ දෙනෙකුටහිරිහැර කරන්නට හෝ පැහැර ගැනීමට ආවේ සුදුවෑන් වලින් බැවිණි.මාධයවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ කමිවුව විසින් සිදු කරන ලද සමීක්ෂණයක තොරතුරු අනුව 1992 සිට ලොව පුරා මාධ්‍යවේදීන් දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන් 71%ක් ම ඝාතනය කර තිබීම විශේෂත්වයකි.2015 වසරේ ලෝකයේ මාධයවේදීන් 199 දෙනෙකු සිරගත කොට තිබෙන අතර මෙම වසරේ මේ වනතෙක් මාධ්‍යවේදීන්  10 දෙනෙකුට තම ජීවිත අහිමි වී ඇතැයි එම කමිටුව සඳහන් කරයි . මාධ්‍යවේදීන් සදහා  අනතුරුදායකම රටවල් පිළිබඳ කළ සමීක්ෂණයකදී එම කමිටුව මෙම තොරතුරු අනාවරණයකර තිබේ.එමෙන්ම 2010 වසරේ සිට මාධයවේදීන් රටින් පිටුවහල් කිරීම පිළිබඳ සිද්ධීන්  452 ක් වාර්තා විය.  ඉන්බොහෝමයක් වාර්තා වන්නේ මැදපෙරදිග හා අප්‍රිකානු රටවල් දෙසිනි. මාධ්‍යවේදීන්ට අනතුරු දායක රටවල් අතර 1992 සිට 2011 දක්වා කාලයේ සිදුවීදුම් වලට අනුව ශ්‍රී ලංකාව 10 වන ස්ථානයේ සිටියි. ශ්‍රී ලංකාවේ 1992 සිට 2011 දක්වා කාලය තුළ මාධ්‍යවේදීන්  19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම කමිටුව සඳහන් කරයි.  තවද තහවුරු නොකළ මරණ සංඛ්‍යාව හයකි.  ඉන් 63% ක් දේශපාලන පලිගැනීම් ලෙස සිදු කළ ඝාතන බව එම කමිටුවේ අදහසයි. මෙම ඝාතන හා ජීවිතක්ෂයට පත් වීම් අතුරින්  වැඩි ප්‍රතිශතයක මරණ වාර්තා වන්නේ 2004-2009 දක්වා කාලයේදීය. ජීවිතක්ෂයට පත් වූඅයගෙන් බොහෝමයක් පුවත්පත් මාධ්‍යවේදීන් වන අතර ජීවිතක්ෂයට පත් වූවන් අතරින් 84% ක් පිරිමි  මාධ්‍යවේදීහු වෙති1999 සිට 2009 දක්වා තහවුරු කරන ලද ජීවිතක්ෂයට පත් වූ මාධ්‍යවේදීනගේ නාමලේඛනය ඔවුන් එලි දක්වා තිබේ- එල්-ටී-ටී යට සම්බන්ධ බව කියන මාධ්‍යවේදිහු කිහිපදෙනෙක්ද එම ලැයිස්තුවේ සිටිති.