Wednesday, June 26, 2019

මන්ත්‍රී රෝහිතගේ හොර අරක්කු වල ඇත්ත හෙලිවේ. බලපත්‍ර සහිත මත්පැන් සමඟ මිශ්‍රකොට අලෙවි කර ඇති බවට හෙලිවේ.


මහින්ද පිලේ (පොහොට්ටු පක්ෂයේ) ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකුද වන දමිත් දනංජය නැමැත්තාට අයත් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මහා පරිමාන නීති_විරෝධී මත්පැන්_නිෂ්පාදනාගාරයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සුරබදු දෙපාර්තමේනතුව ඒකාබද්ධව වටලා ඇත.
මෙම ගොඩනැගිල්ල හිමි දමිත් දනංජය නැමැත්තා පොහොට්ටු පක්ෂයේ ඉහල පෙළේ ක්‍රියාකාරිකයෙකු මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ ළඟම ආධාර කරුවෙකි. ඒ අනුව පොලිසිය සක කරන්නේ මෙම නිෂ්පාධනාගාරය මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධනගේ අවශ්‍යතාව මත ඔහුගේ ගෝලයා විසින් පවත්වාගෙන ගොස් ඇති බවයි.
අති විශාල ධාරිතාවයකින් නිෂ්පාධනය කරන මෙම මත්පැන් බාලපත්‍ර සහිත මත්පැන් සමඟ මිශ්‍රකොට අලෙවි කිරීම මෙම ජාවාරම්කරුවන්ගේ_අරමුණ බවද පොලීසිය මේ වනවිට අනාවරණය කොටගෙන ඇති අතර එහි දර්ශනවලට අනුව මෙම ස්ථානයේ මහා පරිමානයෙන් මෙලෙස මත්පැන්_ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වේ.
මෙම නීති වීරෝධී මත්පැන්_නිෂ්පාදනාගාරය කලකපටන් පවත්වාගෙන ගොස් ඇති අතර_සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව පසුගිය 24 පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ඇතිව මෙම වැටලීම සිදුකර තිබේ. පසුගිය රාජපක්ෂ ආණ්ඩු කාලයේ මෙහි නිෂ්පාදන හා බෙදා හැරිම යහමින් සිදුවී ඇති බවද අදාල දේශපාලකයින්ගේ මෙම පොදුජන පෙරමුන්නේ දේශපාලන රැලි සඳහා අවශ්‍ය මත්පැන්_සැපයීමද මෙයින් සිදු කොට ඇතිබව එහි සේවකයින් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කර ඇත.
සුරාබදු_දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වනවිටත් එම ස්ථානයේ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව වාර්තාවේ.