Tuesday, June 5, 2018

ජීවිතයට මත්පැන් අවැසිමද?

මවකගේ කුසින් මෙලොවට බිහිවූ මිනි    සා
පියවර ගෙවා ගොස්  හැඩි දැඩි වූ විල       සා
කරනට මව් බිමට සේවය මුළු දව             සා
මොහු හට ලැබී ඇත ශක්තිය බලය ලෙ   සා


සමාජයෙන් කිත් පැසසුම් ලැබ ගන්            න
සදාචාර බව මිහිපිට රැක ගන්                      න
ජීවිත තුළට ආලෝකය කැන්දන්                 න
නුවණැස ලැබී ඇත හරි මග මැනගන්       න


වත්මන් සමාජයෙ මිනිසුන් පිරිහෙන          වා
මත්පැන් තම අවිය ලෙස නිති සලකන      වා
පිරිපුන් මනස වියවුල් කර හැසිරෙන         වා
ජීවිතයක සුන්දර බව නැතිවෙන                වා


සතුටක් දැනුණු විටකදි මැඩ ගැනීම           ට
තරහක් දැනුණු විටකදි එය නිවීම              ට
වියදම් කර මුදල් අන්තිම සොච්චම           ට
මසුරන් සේ ගෙනෙයි මත්පැන් ගැනීම       ට


ජීවිතයක සුන්දර බව රැක ගන්                 න
ඉතිරී යන සතුට සාමය ලැබ ගන්              න
සමගිව සියලු කටයුතු සැම කරගන්         න
අවැසිද මත් වතුර සිත පිනවා ගන්            න


තිරිසන් සතා මිනිසාගෙන් වෙන් වන්       නේ
මිනිසා උසස් කොට බුද්ධිය ලැබ ගන්      නේ
එඩිතර හිතක් මිනිසුන් තුළ පවතින්       නේ
මත්පැන් වලින් පිරිහෙන්නද මිනිසුන්     නේ


දහඩිය හෙලා උපයන මසුරන් දො              ත
රැකගෙන පවුල ගෙන යන්නට දෙනු දෑ    ත
පවතින ජීවිතයෙ සුන්දර බව ඈ                ත
කඩිනම් කරනු ලන් කර ගන්නට මෑ         ත


                                                                            - නිම්මි-
                                                                           2018/06/06