Wednesday, February 6, 2019

ඔබේ ළබැදිය

සිහින අතුරා යනෙන මග දිග
මතක අහුරා සැගව ඉන්නම්

අමාවක රැය  නොවූ  පුරහද
තරු පොකුර වී එළිය දෙන්නම්

සිතම සනසන විහග ගීතය
පරදවා පෙම් කවය  වෙන්නම්

නොමැති වූවද මිණි කිකිණි රුව
දයාබර පෙම්වතිය වෙන්නම්

ඉකිබිදින ප්‍රේමය

සිතුම්  පොදි බැද මැවූ නිකැළැල්
පාට තැවරූ කදුළු කැටයක

දැවෙන ගින්දර සුසුම් අභියස
කීරි ගැහෙනා හද විලාපය

තුෂර පිණි කැට සුණු විසුණු කළ
දෙනෙත් මවනා මිලින හීනය

නෙතු  කොනක දගලමින් ඉතිරිව
කදුළ නුඹ ඉකිබිදින පේමය