Thursday, June 27, 2019

ජෙලි පසුපස සැගවුණු පිළිකුල් රහස.

ජෙලි කියන්නේ රසවත් කෑමක්. ඉතාමත් ගුණදායක ආහාරයක් ලෙස ජනප්‍රිය ජෙලි කෑමට කුඩා ළමයින් වගේම වැඩිහිටි අයත් එක වගේම කැමතියි. රෝගී වූ අයටත් ජෙලි ආහාරයට ගැනීමට නිර්දේශ කෙරෙනවා එහි ඇති ගුණයත්, ආහාරයට ගැනීමට ඇති පහසුවත් සලකා බැලීමෙන්.
ගොඩක් දෙනා විස්වාස කරන මිත්‍යා මතයක් තමයි ජෙලි හදන්නේ මුහුදු පැළෑටි වලින් කියන එක. ඇත්තටම ජෙලි සෑදීම සහ මුහුදු පැළෑටි වල කිසිම සම්බන්දයක් නැහැ. මෙම මතය ජෙලි නිපදවන සමාගම් වලින් ඔබව නොමග යැවීමට ප්‍රචාරණය කරන ලද අමූලික බොරුවක්. මොකද ඇත්තටම ජෙලි හදන්නේ මොනවයින් දැයි ඔබ දැන ගත්තොත් කවුරුවත් ජීවිතේට ජෙලි කන්නේ නැති නිසා.
ජෙලි සෑදීමට ගන්න ප්‍රධානම දෙය වන “ජෙලටින්” (Gelatin) සාදන්නේ මස් පිණිස සතුන් මරණ ස්ථාන වලින් බැහැර කරන සත්ව ඇට සැකිලි වලින්. මේ සඳහා බහුලව භාවිතා වන්නේ හරක්, බැටළු සහ ඌරන් ගේ ඇට කටුයි. මෙම ඇට කටු තුල ඇති “ඇට මිදුළු” තමයි ජෙලටින් වල ප්‍රධානම සංඝටකය වන්නේ.
ඇට කටු නටන උණු වතුරේ තම්බමින් ඒවා පොඩි කරමින් එහි සාරය වතුරට උරා ගන්නට සලස්වා පසුව ඇට කැබලි පෙරා ගත් ජලය සිසිල් කර වාශ්පීකරණයට ලක් කරනවා. එවිට ඉතිරි වන සුදු පැහැති කුඩ තමයි “ජෙලටින්” කියන්නේ. (ඇතැම් විට අධික තෙල් සහිත ඌරන්ගේ හමද මෙම ක්‍රියාවලිය සඳහා භාවිතා කරනවා)
මේ අනුව බැලුවම ජෙලටින් කියන්නේ සම්පූරණයෙන්ම මාංශමය ආහාරයක්. බොහෝ රටවල මේ නිසා ජෙලටින් අඩංගු ආහාර වල ඒවා නිර්මාංශ (vegetarian) අය සඳහා නුසුදුසු බව කියමින් අසුරණයේ සඳහන් කර තිබෙනවා. ඔබ රස කර කන ජෙලටින් අඩංගු ඕනෑම ආහාරයක අන්තර්ගත වන්නේ සතුන්ගේ ඇට කැබලි වල සාරය බව මීට පස්සේ ඔබේ දරුවාට “ජෙලි”, “ජුජුප්ස්” වැනි ආහාර මිලදී ගැනීමේදී හොඳින් මතකයේ තබා ගන්න.

No comments:

Post a Comment